News

ජවිපෙට මඩ ගහන අයට, අනුරගෙන් තෑගි මල්ලක්…

තමන්ට අයර්ලන්තයේ නිවසක් ඇතැයි අවලාද නගන්න කිසිවෙකු හෝ විසින් එම නිවස සොයා ගතහොත් ඔහුට එම නිවස සම්පූර්ණයෙන්ම පවරා දෙන බව අනුර දිසානායක මහතා ඊයේ (06) අවධාරණය කර සිටියේ .

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අනුර දිසානායක මහතා මේ බව පැවසූවේ මුහුණුපොත හරහා සිදුකළ “#AskAKD කෙලින්ම අහන්න – කෙලින්ම කියන්න” සජීව වැඩසටහනට එක්වෙමිණි.

ජනතා විමුක්ති පෙරමුණට බිලියන 06ක බැංකු ගිණුම් ඇතැයි අභූත චෝදනා එල්ලකරන්නන්ට එම වත්කම් සොයා ගන්නා ලෙසත් එම වත්කම් සොයා ගන්නා පුද්ගලයාට එම වත්කම් පවරා දීමට තමන් කටයුතු කරන බවද අනුර දිසානායක මහතා එහිදී අවධාරණය කළේ ය.

එම නිසා මෙතෙක් කල් අනුර දිසානායක මහතාගේ අයර්ලන්තයේ නිවස ගැන, බිලයන හයේ ගිණුම් ගැන සහ forbes සඟරාවේ ඇතැයි පැවසෙන වත්කම් තිබෙන තැනකින් සොයාගෙන එහි හිමිකරුවා වී මිලියන පතියෙකු වීමේ අවස්ථාව ඒ පිළිබඳ සැලකිලිමත් වන, එම කරුණු ඉදිරිපත් කරන සියලුදෙනාට මේ අනුව උදාවී ඇත.

#AskAKD කෙලින්ම අහන්න – කෙලින්ම කියන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − two =

සබැඳි ලිපි

Back to top button
Close