Events

අපේක්‍ෂාවේ අපේක්‍ෂකගේ ජය තහවුරු කරන වැඩකරන ජනතා සමුළුව හෙට (12)

මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂාවේ අපේක්‍ෂක අනුර දිසානායක මහතාගේ ජය තහවුරු කරන “ජන බල සටන – හෙට දින දිනන” තේමාව යටතේ මුළුදෙන වැඩකරන ජනතා සමුළුව හෙට (12) පෙ.ව. 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා ඇතුලුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් සහ වැඩකරන ජනතාව සහභාගීවීමට නියමිත බව එම මධ්‍යස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =

Back to top button
Close